යාලුවනේ අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ ඩොන්ගල් එකකට firmware එක ගහන හැටියි. ඒ කිව්වෙ අපේ ඩොන්ගල් එකේ ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා එක එහෙම corrupt වෙලා වැඩ කරන්නෙ නැතුව ගියහම ආයෙමත් අලුතින් ඩොන්ගල් එකට firmware එක ගහන හැටි තමයි. ඔය ලොක් කරලා තියෙන ඩොන්ගල් එහෙම අන්ලොක් කරන්නත් පුලුවන් මෙ ක්රමෙන්. මොකද අලුතෙන්ම firmware එක දානවනේ... මේක මට කියන්න හිතුනෙ මටත් එහෙම දෙයක් වුන නිසයි. ඉතින් මං ඒක හොයාගෙන කලා. මගෙ ලග තියෙන්නෙ E220 ඩොන්ගල් එකක්. එක ප්රශ්නයක් නෑ. මේ ක්රමේ හැම එකකටම පොදුයි. මං දැන් පියවරෙන් පියවර කරන්නම්.
1 පියවර
මුලින්ම ඔයලා ඔයාලගෙ ඩොන්ගල් එකට අදාල Firmware Update එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි.
මෙන්න මේ ලින්ක් එකේ E220 ට Huawei E220 Firmware Update එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්\
Download Huawei E220 Firmware Update
අනිත් ඕනිම ඩොන්ගල් එකක Firmware Update එක මෙතනින් ගිහින් ගන්න
Download Huawei Firmware Updates
මේකෙ Firmware update කියන එක විතරක් ඇති ඒක ඩවුන් කරගන්න.
2 පියවර
හරි දැන් ඔයාල ඩොන්ගල් එකේ සිම් එහෙම තියෙනම් අයින් කරල Computer එකට ගහන්නකො
3 පියවර
දැන් ඔයා ඩවුන් කරගත්තු Firmware setup එක රන් කරන්න. එතකොට මේ වගේ වින්ඩෝ එකක් එයි.
4 පියවර
ඒකෙ Accept කියන එක තෝරල Next කරන්න.
5 පියවර
ඊට පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එයි. එකෙන් අපේ ඩොන්ගල් එක Search කරනව.
6 පියවර
ඊට පස්සෙ මේ වින්ඩෝ එකත් Auto ම එයි. එතනත් Next කරන්න.
7 පියවර
ඊට පස්සෙ එන වින්ඩෝ එකෙන් පෙන්නන්නෙ ඩොන්ගල් එකට සොෆ්ට්වෙයා එක Install වෙනව කියන එක.
8 පියවර
ඊට පස්සෙ එන්නෙ ෆිනිශ් වින්ඩෝ එක. ඒ කියන්නෙ වැඩේ ඉවරයි. එතන Finish click කරල ඩොන්ගල් එක ගලවල ආපහු ගහන්න. දැන් එලකිරි වගේ ආයෙමත් ඩොන්ගල් එක වැඩ.
ජය වේවා....... කොමෙන්ටුවක් දාලම යන්න යාලුවනේ...






shaaa....greattt
ReplyDeletethanks.....
ReplyDeleteමචන් huawei e352 megafon modem eke firmware eka hoyala dennako
ReplyDelete