Tuesday, July 23, 2013

Mp3 එකකට ඕනි දෙයක් කරන්න

ඔන්න මම අද ගෙනාව mp3 වලට දස වද දෙන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. වද දෙනව කිව්වෙ අපිට මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් mp3 ‍file එකකට ගොඩක් දේවල් කරන්න. ඔයලාට පුලුවන් mp3 ‍files convert කරන්න CD එකක තියෙන mp3 රිප් කරන්න, tag එඩිට් කරන්න, mp3 merge කරන්න, Cut කරන්න, ඒ විතරක් නෙවෙයි mp3 record කරන්නත් පුලුවන්. ඉතින් පහත තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්නකෝ. 10Mb විතරයි.


හරි දැන් මේක ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේ මං කො‍ටු කරල තියෙන තැන ක්ලික් කලාම Serial key එක දාන්න එයි. ඔය ඩවුන් කරගත්ත ‍file එකේ තියෙන key එක දැන් එතනට copy paste කරල Ok කරන්න. 


දැන් ඉතින් Mp3 ToolKit Registered එකක්. එහෙනම් ආයිමත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. බ්ලොග් එකට ලයික් එකක් දාගෙනම යන්න  එහෙනම්. ජය වේවා යාලුවනේ

Wednesday, July 17, 2013

Skype එකේ username එක delete කරමුද?

මං අද ඔයාලට කියන්න යන්නෙ සොෆ්ට්වෙයා එකක් ගැන නම් නෙවෙයි. ඒත් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාල දන්නවනෙ අපි Skype ගියාම logout වුනත් අපේ Username එක පෙන්නනව මෙන්න මේ වගේ.



අපේම එකකින්නම් අවුලක් නෑ. ඒත් ඕක ඉතින් වෙන කාගෙ හරි කම්පියුටර් එකකින් එහෙම ලොග් වුනොත් අවුල්නෙ නේද? හරි මම අද කියල දෙන්න යන්නෙ මේ විදියට save වෙන අපේ Username එක delete කරන්නෙ කොහොමද කියලයි. පොඩි වැඩක් කරන්න තියෙන්නෙ.

මුලින්ම Start එකට ගිහින් search programs and files කියන තැන මෙන්න මේක %appdata% ගහල Enter කරන්න.


Enter කලාට පස්සෙ මේ වගේ වින්ඩෝ එකක් එයි එකෙ Skype කියන ෆෝල්ඩර් එක open කරන්න.


මේක ඇතුලෙ තියෙනවා  දැනට Skype වලට ලොග් වුනු අයගෙ වෙනම ෆෝල්ඩර් එකක් හැදිල. මං මේ කපල තියෙන්නෙත්, ඔය මගෙ එකෙන් ලොග් වුනු යාලුවන්ගෙ Username ටිකක් :) හෙහ් හෙහ්.  ඉතින් ඔයාලට තියෙන්නෙ තමුන්ගෙ එක සිලෙක්ට් කරල delete කරන්න.  


දැන් ඉතින් වැඩේ හරි Skype එකට ගිහින් බලන්න, ආයෙ ඔයාලගෙ Username එක පෙන්නන්නෙ නෑ. එහෙනම් යාලුවනෙ FB page එකට Like එකකුත් දාගෙන පොස්ට් එකට කමෙන්ට් එකකුත් දාලම යන්න.

Monday, July 15, 2013

හානි වූ CD DVD රිකවරි කරන්න නියම භාන්ඩයක්

මං අද ඔයාලට ගේන්නෙ පට්ට CD DVD රිකවරි සොෆ්ට්වෙයා එකක්. මේකෙන් පුලුවන් අපිට වැඩ කරන්නෙ නැති damage වුනු CD DVD වල තියෙන ඩේටා රිකවරි කරල ගන්න. හරි දැන් ඔය පහත තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකො.

Download Cd Recovery Toolbox Free

ඊට පස්සෙ CD එක  හරි DVD එක හරි දාල සොෆ්ට්වෙයා එක රන් කරන්න්කො. ඊට පස්සෙ එන මේ වින්ඩෝ එක Next කරන්න


මේ වින්ඩෝ එකේදි ඔයාලට පුලුවන් මේ රිකවරි Date Save වෙන පාත් එක දෙන්න. පාත් එක දීල Next කරන්න.


මෙතනින් පෙන්නන්නෙ Disk එකේ තියෙන Data. ඔයාලට පුලුවන් මෙතනින් රිකවරි කරන්න ඕනි Data සිලෙක්ට් කරන්න. ඔක්කොම ඔනිනම් Check all කරන්න. හරි දැන් Save බට්න් එක ක්ලික් කරන්න.


හරි දැන් ඉතින් බලන් ඉන්නයි තියෙන්නෙ මේ විදියට රිකවරි වෙනකන්.


Recovery වෙලා ඉවර වෙලා මෙ විදියට රිකවරි කරපු Data, Saved කියල පෙන්නයි. දැන් ඉතින් Exit කරන්න වැඩේ ඉවරයි.


කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ..