Thursday, May 30, 2013

ඩොන්ගල් එක වැඩ නැද්ද එහෙමත් නැත්නම් අන්ලොක් කරන්න ඕනෙද?



යාලුවනේ අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ ඩොන්ගල් එකකට firmware  එක ගහන හැටියි. ඒ කිව්වෙ අපේ ඩොන්ගල් එකේ ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා එක එහෙම corrupt වෙලා වැඩ කරන්නෙ නැතුව ගියහම ආයෙමත් අලුතින් ඩොන්ගල් එකට firmware එක ගහන හැටි තමයි. ඔය ලොක් කරලා තියෙන ඩොන්ගල් එහෙම අන්ලොක් කරන්නත් පුලුවන් මෙ ක්‍රමෙන්. මොකද අලුතෙන්ම firmware එක දානවනේ... මේක මට කියන්න හිතුනෙ මටත් එහෙම දෙයක් වුන නිසයි. ඉතින් මං ඒක හොයාගෙන කලා. මගෙ ලග තියෙන්නෙ E220 ඩොන්ගල් එකක්. එක ප්‍රශ්නයක් නෑ. මේ ක්‍රමේ හැම එකකටම පොදුයි. මං දැන් පියවරෙන් පියවර කරන්නම්.

1 පියවර
මුලින්ම ඔයලා ඔයාලගෙ ඩොන්ගල් එකට අදාල Firmware Update එක ඩවුන්ලෝඩ් කරගන්න  ඕනි.

මෙන්න මේ ලින්ක් එකේ  E220 ට Huawei E220 Firmware Update එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්\

Download Huawei E220 Firmware Update

අනිත් ඕනිම ඩොන්ගල් එකක Firmware Update එක මෙතනින් ගිහින් ගන්න

Download Huawei Firmware Updates



මේකෙ Firmware update කියන එක විතරක් ඇති ඒක ඩවුන් කරගන්න.

2 පියවර
හරි දැන් ඔයාල ඩොන්ගල් එකේ සිම් එහෙම තියෙනම් අයින් කරල Computer එකට ගහන්නකො

3 පියවර
දැන් ඔයා ඩවුන් කරගත්තු Firmware setup එක රන් කරන්න. එතකොට මේ වගේ වින්ඩෝ එකක් එයි.


4 පියවර
ඒකෙ Accept කියන එක ‍තෝරල Next කරන්න.

5 පියවර
ඊට පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එයි. එකෙන් අපේ ඩොන්ගල් එක Search කරනව.



6 පියවර
ඊට පස්සෙ මේ වින්ඩෝ එකත් Auto ම එයි. එතනත් Next කරන්න.





7 පියවර
ඊට පස්සෙ එන වින්ඩෝ එකෙන් පෙන්නන්නෙ ඩොන්ගල් එකට සොෆ්ට්වෙයා එක Install වෙනව කියන එක.


8 පියවර
ඊට පස්සෙ එන්නෙ ‍ෆිනිශ් වින්ඩෝ එක. ඒ කියන්නෙ වැඩේ ඉවරයි. එතන ‍Finish click කරල ඩොන්ගල් එක ගලවල ආපහු ගහන්න. දැන් එලකිරි වගේ ආයෙමත් ඩොන්ගල් එක වැඩ.




ජය වේවා....... කොමෙන්‍ටුවක් දාලම යන්න යාලුවනේ...

ඕනි Programming භාෂාවක් Note Pad එකෙන්



මම අද දෙන්න යන සොෆ්ට්වෙයා එක program කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා. Notepad කිව්වට මේක නිකන්ම Notepad  නෙමෙයි Notepad++. මේක වින්ඩෝස් ප්ලැට් ෆෝම් වල වැඩ කරන එකක්. මෙ සොෆ්ට් එකෙන් පුලුවන් ඕනිම Language එකකින් program ලියන්න, හරිම ලේසියි. කරන්න තියෙන්නෙ Language කියල තියෙන tab එකෙන් අවශ්‍යය Language  එක (Vb, java , c, Php) වගේ තොරන එක විතරයි. අනික විශේෂම දෙයක් තමයි මේකෙ Auto correct  එහෙමත් තියෙයි.
මේක Free සොෆ්ට් එකක්. ඉතින් මන් පහලින් ඔයාලට ලින්ක් එක දැම්ම. බාගෙන බලන්නකො හොඳද කියල.

Download Notepad++ 6.3.3

Monday, May 27, 2013

Image විදියට capture කරගන්න






අපි සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එකෙ පික් එකක් capture කරගන්න  ඕනි වුනාම print scrn නෙ click කරන්නෙ. එත් ඉතින් එකෙන් බෑනෙ අපිට අවශ්‍යය ටික select කරල capture කරගන්න. එකට ඉතින් ඒ  Image එක වෙන සොෆ්ට් එකකටම දාල හදගන්න ඕනි. එත් මෙ සොෆ්ට්වෙයා එකෙ එහෙම කරන්න ඕනි නෑ අපිට කැමති ටික select කරල capture කරගන්න පුලුවන්. තව වින්ඩොව් විඩිහටත් capture කරගන්න පුලුවන්.

Sunday, May 26, 2013

Image වල Text Word වලට ගන්න

 
මම අද දෙන්න යන සොෆ්ට්වෙයා එක ටිකක් වගෙ පරනයි. එත් මේක ගොඩාක් අය තාම දන්නෙ නෑ. ඉතින් මට හිතුන මෙක ගැන පොඩි හදින්වීමක් කරල ඔයාල වෙනුවෙන් දෙන්න. pdf, jpeg  වගේ ‍file වල තියෙන text word වලට වගෙ එහෙම convert කරන සොෆ්ට්වෙයා එකක්. එ කියන්නෙ ඔය image වල එහෙම තියෙන text අපිට එඩිට් කරන්න බෑනෙ. ඉතින් මේකෙන් පුලුවන් ඒව word text විදියට convert කරගන්න. තව තව ගොඩක් දෙවල් මේකෙන් කරන්න පුලුවන්. ඔයාල බාගෙනම බලන්නකො එහෙනම්.
පහතින් මම සිප් කරපු සොෆ්ට්වෙයා එක දීල තියෙන්නෙ.

Abby Fine Reader Download

Wednesday, May 22, 2013

3D Plan අඳිමුද?

Google SketchUp Make




මෙන්න මන් ඔයාලට මුලින්ම ගෙනාව මන් ඊයෙ පෙරෙදා ඉගෙන ගත්තු සොෆ්ට් කෑල්ලක් Google SkechUp Make. මේකෙන් පුලුවන් 3D ප්ලෑන්ස් අඳින්න. ගෙවල්, උද්යයාන, වගේ දෙවල් මේකෙන් ලේසියෙන් අඳින්න පුලුවන්. හරිම ලේසියි. ඔයාලත් ට්ර්ය් කරල බලන්න. අවුලක් වුනොත් කොමෙන්‍ටුවක් ඩන්නකො. මන් කියල දෙන්නම්. 

අලුත් වැඩක්





සිංහල බ්ලොග් එකක් කරන්න ඕනි කියල මට හිතුනෙ අපේ යාලුවො ගොඩක් දැන් සිංහල බ්ලොග් ගැන උනන්දු නිසයි. මොකද මාත් සිංහල බ්ලොග් වලින් ගොඩාක් දේවල් ඉගෙනගත්ත. ඉතින් මටත් හිතුන මන් දන්න දෙයකුත් යාලුවොත් එක්ක බෙදාගන්න. ඉතින් මේ ඒ සදහා දරන උත්සාහයක්. මම බලාපොරොත්තු වෙනව, මට ඔයාලගෙනුත් මේකට ශක්තියක් ලැබෙයි කියලා.... හැමෝටම ජයෙන් ජය...