Tuesday, October 29, 2013

HD Nature Wallpapers

ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනා. එක එක වැඩ හින්ද. හරි අද මන් අරන් ආවෙ HD Nature Wallpapers ටිකක්. මන් නෙට් එකේ සැරිසරමින් ඉද්දි තමයි මේ ටික හම්බ වුනේ. ඉතින් මට හිතුන ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න. හොදද කියල ක්මෙන්ට් එකකුත් දාන්න.

යාලුවනෙ මේකෙනම් මට දෙන්න වෙන්නෙ ටොරන්ට් ෆයිල් එක තමා. ඒක අරන් බාගන්න 65mb විතරයි තියෙන්නෙ. 

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

Tuesday, July 23, 2013

Mp3 එකකට ඕනි දෙයක් කරන්න

ඔන්න මම අද ගෙනාව mp3 වලට දස වද දෙන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. වද දෙනව කිව්වෙ අපිට මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් mp3 ‍file එකකට ගොඩක් දේවල් කරන්න. ඔයලාට පුලුවන් mp3 ‍files convert කරන්න CD එකක තියෙන mp3 රිප් කරන්න, tag එඩිට් කරන්න, mp3 merge කරන්න, Cut කරන්න, ඒ විතරක් නෙවෙයි mp3 record කරන්නත් පුලුවන්. ඉතින් පහත තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්නකෝ. 10Mb විතරයි.


හරි දැන් මේක ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේ මං කො‍ටු කරල තියෙන තැන ක්ලික් කලාම Serial key එක දාන්න එයි. ඔය ඩවුන් කරගත්ත ‍file එකේ තියෙන key එක දැන් එතනට copy paste කරල Ok කරන්න. 


දැන් ඉතින් Mp3 ToolKit Registered එකක්. එහෙනම් ආයිමත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. බ්ලොග් එකට ලයික් එකක් දාගෙනම යන්න  එහෙනම්. ජය වේවා යාලුවනේ

Wednesday, July 17, 2013

Skype එකේ username එක delete කරමුද?

මං අද ඔයාලට කියන්න යන්නෙ සොෆ්ට්වෙයා එකක් ගැන නම් නෙවෙයි. ඒත් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාල දන්නවනෙ අපි Skype ගියාම logout වුනත් අපේ Username එක පෙන්නනව මෙන්න මේ වගේ.



අපේම එකකින්නම් අවුලක් නෑ. ඒත් ඕක ඉතින් වෙන කාගෙ හරි කම්පියුටර් එකකින් එහෙම ලොග් වුනොත් අවුල්නෙ නේද? හරි මම අද කියල දෙන්න යන්නෙ මේ විදියට save වෙන අපේ Username එක delete කරන්නෙ කොහොමද කියලයි. පොඩි වැඩක් කරන්න තියෙන්නෙ.

මුලින්ම Start එකට ගිහින් search programs and files කියන තැන මෙන්න මේක %appdata% ගහල Enter කරන්න.


Enter කලාට පස්සෙ මේ වගේ වින්ඩෝ එකක් එයි එකෙ Skype කියන ෆෝල්ඩර් එක open කරන්න.


මේක ඇතුලෙ තියෙනවා  දැනට Skype වලට ලොග් වුනු අයගෙ වෙනම ෆෝල්ඩර් එකක් හැදිල. මං මේ කපල තියෙන්නෙත්, ඔය මගෙ එකෙන් ලොග් වුනු යාලුවන්ගෙ Username ටිකක් :) හෙහ් හෙහ්.  ඉතින් ඔයාලට තියෙන්නෙ තමුන්ගෙ එක සිලෙක්ට් කරල delete කරන්න.  


දැන් ඉතින් වැඩේ හරි Skype එකට ගිහින් බලන්න, ආයෙ ඔයාලගෙ Username එක පෙන්නන්නෙ නෑ. එහෙනම් යාලුවනෙ FB page එකට Like එකකුත් දාගෙන පොස්ට් එකට කමෙන්ට් එකකුත් දාලම යන්න.

Monday, July 15, 2013

හානි වූ CD DVD රිකවරි කරන්න නියම භාන්ඩයක්

මං අද ඔයාලට ගේන්නෙ පට්ට CD DVD රිකවරි සොෆ්ට්වෙයා එකක්. මේකෙන් පුලුවන් අපිට වැඩ කරන්නෙ නැති damage වුනු CD DVD වල තියෙන ඩේටා රිකවරි කරල ගන්න. හරි දැන් ඔය පහත තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකො.

Download Cd Recovery Toolbox Free

ඊට පස්සෙ CD එක  හරි DVD එක හරි දාල සොෆ්ට්වෙයා එක රන් කරන්න්කො. ඊට පස්සෙ එන මේ වින්ඩෝ එක Next කරන්න


මේ වින්ඩෝ එකේදි ඔයාලට පුලුවන් මේ රිකවරි Date Save වෙන පාත් එක දෙන්න. පාත් එක දීල Next කරන්න.


මෙතනින් පෙන්නන්නෙ Disk එකේ තියෙන Data. ඔයාලට පුලුවන් මෙතනින් රිකවරි කරන්න ඕනි Data සිලෙක්ට් කරන්න. ඔක්කොම ඔනිනම් Check all කරන්න. හරි දැන් Save බට්න් එක ක්ලික් කරන්න.


හරි දැන් ඉතින් බලන් ඉන්නයි තියෙන්නෙ මේ විදියට රිකවරි වෙනකන්.


Recovery වෙලා ඉවර වෙලා මෙ විදියට රිකවරි කරපු Data, Saved කියල පෙන්නයි. දැන් ඉතින් Exit කරන්න වැඩේ ඉවරයි.


කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ..

Wednesday, June 26, 2013

ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමු.



 හරි යාලුවනෙ අද මන් කියල දෙන්න යන්නෙ ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමය. ඔයාල දන්නවනෙ ලංකාවෙත් බොහෝ තැන් වල ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නැනෙ. ඒ උනාට අපිට හදිස්සියෙ ඔය සොෆ්ට්වෙයා එකක් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න එහෙම ඕනි වෙනවනෙ නේද? එවගෙ අවස්තාවලදිත් අපිට පුලුවන් මේ ක්‍රමයට ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. හරි මං දැන් වැඩේට බහින්නම්කො..

මුලින්ම ඔයලාට ඕනි ටොරන්ට් ෆයිල් එක ටොරන්ට් සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්නකො.

හරි දැන් මෙන්න මේ zbigz ස්යිට් එකට ගිහින් එතන Upload .torrent file කියන එක ක්ලික් කරල ඔයාල කලින් ඩවුන්ලෝඩ් කරගත්තු ටොරන්ට් ෆයිල් එක Upload කරගෙන Go button එක ක්ලික් කරන්න.


ඊට පස්සෙ මෙන්න මේ වින්ඩෝ එක එයි. එකෙ ‍Free button එක ක්ලික් කරන්න.


හරි දැන් මෙතනදි ටොරන්ට් ෆයිල් එක Automatically convert වෙනව. මතක තියගන්න සාමාන්‍ය විදිහටම තමයි මේකෙදිත් ටොරන්ට් ෆයිල් එක convert වෙන්නත් සීඩ්ස් එහෙමත් වැඩියෙන් තියෙන්න ඕනි.


convert වෙල ඉවර වුනාට පස්සෙ Caching Complete කියල වැටෙයි. දැන් ඔයාල මෙතනින් ටොරන්ට් කියන නම තියෙන ඒවා ක්ලික් කරන්නෙ නැතිව. අවශ්‍ය ෆයිල් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙ රතු පාටින් මාක් කරල තියෙන්නෙ අන්න ඒ වගේ. මොනා හරි අඩුපාඩුවක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න.


කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න් එපා යාලුවනේ. තවත් අලුත් වැඩකින් ආයෙත් එන්නම්කො එහෙනම්..





Monday, June 24, 2013

OFFICE 2013 Install කරගනිමුද?


ඔන්න අයිමත් මන් ඔයලාලට වැදගත් වෙන සොෆ්ට්වෙයා එකක් දෙන්නයි යන්නෙ. සොෆ්ට්වෙයා එක තමයි හැමෝම දන්න හැමෝටම වැදගත් වෙන OFFICE 2013. මේකෙ ගොඩක් ඩවුන්ලෝඩ් ලින්ක්ස් තිබුනා ඒත් ඒ ගෝඩක් ඒවගෙ Activation File එක හරියට වැඩ කලේ නෑ. අන්තිමෙදි මං OFFICE 2013 වලට ගැලපෙන Activation .exe එකකුත් හොයාගත්ත. ඔයාල මුලින්ම පහත තියෙන ලින්ක් එකෙන් OFFICE 2013  ඩවුන්ලෝඩ් කරගන්නකො. OFFIE 2013 Software එකයි Activator එකයි දෙකම ඔය Zip ‍File එක ඇතුලෙ තියෙයි.

Download OFFICE 2013 - 64 bit
Download OFFICE 2013 - 32 bit

Download Activator

හරි මුලින්ම ඔය File එක Extract කරල OFFICE 2013 ISO එක mount කරල සාමාන්ය විදිහට Install කරගන්නකෝ. ඊට පස්සෙ ඔය Extract කරපු එක ඇතුලෙ තියෙන Microsoft Office 2013 Activator කියන ‍File එක ඕපන් කරල ඒක ඇතුලෙ තියෙන Microsoft Toolkit.exe එක Run කරන්න. එතකොට පහත වින්ඩෝ එක එයි.


ඒකෙ Office button එක click කරන්න ඊට පස්සෙ මේන්න මේ වගේ වින්ඩෝ එකක් එයි.


මේකෙ Activation කියන tab එක යටතෙ තියෙන EZ-Activator button එක click karanna කරන්න. එහෙම කරල Successfully Activated  කියන Message එක එනකන් ඉන්න. Message එක ආවට පස්සෙ මේක close කරල Office 2013 open කරල බලන්න නියමෙට වැඩ කරයි.

තව දෙයක් ඔය ISO ‍එක ඇතුලෙ Patch ‍එකකුත් තියෙයි හැබැයි මටනම් ඒ Patch එක වැඩ කලේ නෑ. ඒකයි මන් මේ Activator එක බාවිතා කලේ.

එහෙනම් යාලුවනෙ කොමෙන්‍ටුවකුත් දාගෙනම යන්න. අඩුපාඩුවක් තියෙයිනම් Comment එකක් දාන්න. 


 

Thursday, May 30, 2013

ඩොන්ගල් එක වැඩ නැද්ද එහෙමත් නැත්නම් අන්ලොක් කරන්න ඕනෙද?



යාලුවනේ අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ ඩොන්ගල් එකකට firmware  එක ගහන හැටියි. ඒ කිව්වෙ අපේ ඩොන්ගල් එකේ ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා එක එහෙම corrupt වෙලා වැඩ කරන්නෙ නැතුව ගියහම ආයෙමත් අලුතින් ඩොන්ගල් එකට firmware එක ගහන හැටි තමයි. ඔය ලොක් කරලා තියෙන ඩොන්ගල් එහෙම අන්ලොක් කරන්නත් පුලුවන් මෙ ක්‍රමෙන්. මොකද අලුතෙන්ම firmware එක දානවනේ... මේක මට කියන්න හිතුනෙ මටත් එහෙම දෙයක් වුන නිසයි. ඉතින් මං ඒක හොයාගෙන කලා. මගෙ ලග තියෙන්නෙ E220 ඩොන්ගල් එකක්. එක ප්‍රශ්නයක් නෑ. මේ ක්‍රමේ හැම එකකටම පොදුයි. මං දැන් පියවරෙන් පියවර කරන්නම්.

1 පියවර
මුලින්ම ඔයලා ඔයාලගෙ ඩොන්ගල් එකට අදාල Firmware Update එක ඩවුන්ලෝඩ් කරගන්න  ඕනි.

මෙන්න මේ ලින්ක් එකේ  E220 ට Huawei E220 Firmware Update එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්\

Download Huawei E220 Firmware Update

අනිත් ඕනිම ඩොන්ගල් එකක Firmware Update එක මෙතනින් ගිහින් ගන්න

Download Huawei Firmware Updates



මේකෙ Firmware update කියන එක විතරක් ඇති ඒක ඩවුන් කරගන්න.

2 පියවර
හරි දැන් ඔයාල ඩොන්ගල් එකේ සිම් එහෙම තියෙනම් අයින් කරල Computer එකට ගහන්නකො

3 පියවර
දැන් ඔයා ඩවුන් කරගත්තු Firmware setup එක රන් කරන්න. එතකොට මේ වගේ වින්ඩෝ එකක් එයි.


4 පියවර
ඒකෙ Accept කියන එක ‍තෝරල Next කරන්න.

5 පියවර
ඊට පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එයි. එකෙන් අපේ ඩොන්ගල් එක Search කරනව.



6 පියවර
ඊට පස්සෙ මේ වින්ඩෝ එකත් Auto ම එයි. එතනත් Next කරන්න.





7 පියවර
ඊට පස්සෙ එන වින්ඩෝ එකෙන් පෙන්නන්නෙ ඩොන්ගල් එකට සොෆ්ට්වෙයා එක Install වෙනව කියන එක.


8 පියවර
ඊට පස්සෙ එන්නෙ ‍ෆිනිශ් වින්ඩෝ එක. ඒ කියන්නෙ වැඩේ ඉවරයි. එතන ‍Finish click කරල ඩොන්ගල් එක ගලවල ආපහු ගහන්න. දැන් එලකිරි වගේ ආයෙමත් ඩොන්ගල් එක වැඩ.




ජය වේවා....... කොමෙන්‍ටුවක් දාලම යන්න යාලුවනේ...

ඕනි Programming භාෂාවක් Note Pad එකෙන්



මම අද දෙන්න යන සොෆ්ට්වෙයා එක program කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා. Notepad කිව්වට මේක නිකන්ම Notepad  නෙමෙයි Notepad++. මේක වින්ඩෝස් ප්ලැට් ෆෝම් වල වැඩ කරන එකක්. මෙ සොෆ්ට් එකෙන් පුලුවන් ඕනිම Language එකකින් program ලියන්න, හරිම ලේසියි. කරන්න තියෙන්නෙ Language කියල තියෙන tab එකෙන් අවශ්‍යය Language  එක (Vb, java , c, Php) වගේ තොරන එක විතරයි. අනික විශේෂම දෙයක් තමයි මේකෙ Auto correct  එහෙමත් තියෙයි.
මේක Free සොෆ්ට් එකක්. ඉතින් මන් පහලින් ඔයාලට ලින්ක් එක දැම්ම. බාගෙන බලන්නකො හොඳද කියල.

Download Notepad++ 6.3.3

Monday, May 27, 2013

Image විදියට capture කරගන්න






අපි සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එකෙ පික් එකක් capture කරගන්න  ඕනි වුනාම print scrn නෙ click කරන්නෙ. එත් ඉතින් එකෙන් බෑනෙ අපිට අවශ්‍යය ටික select කරල capture කරගන්න. එකට ඉතින් ඒ  Image එක වෙන සොෆ්ට් එකකටම දාල හදගන්න ඕනි. එත් මෙ සොෆ්ට්වෙයා එකෙ එහෙම කරන්න ඕනි නෑ අපිට කැමති ටික select කරල capture කරගන්න පුලුවන්. තව වින්ඩොව් විඩිහටත් capture කරගන්න පුලුවන්.

Sunday, May 26, 2013

Image වල Text Word වලට ගන්න

 
මම අද දෙන්න යන සොෆ්ට්වෙයා එක ටිකක් වගෙ පරනයි. එත් මේක ගොඩාක් අය තාම දන්නෙ නෑ. ඉතින් මට හිතුන මෙක ගැන පොඩි හදින්වීමක් කරල ඔයාල වෙනුවෙන් දෙන්න. pdf, jpeg  වගේ ‍file වල තියෙන text word වලට වගෙ එහෙම convert කරන සොෆ්ට්වෙයා එකක්. එ කියන්නෙ ඔය image වල එහෙම තියෙන text අපිට එඩිට් කරන්න බෑනෙ. ඉතින් මේකෙන් පුලුවන් ඒව word text විදියට convert කරගන්න. තව තව ගොඩක් දෙවල් මේකෙන් කරන්න පුලුවන්. ඔයාල බාගෙනම බලන්නකො එහෙනම්.
පහතින් මම සිප් කරපු සොෆ්ට්වෙයා එක දීල තියෙන්නෙ.

Abby Fine Reader Download

Wednesday, May 22, 2013

3D Plan අඳිමුද?

Google SketchUp Make




මෙන්න මන් ඔයාලට මුලින්ම ගෙනාව මන් ඊයෙ පෙරෙදා ඉගෙන ගත්තු සොෆ්ට් කෑල්ලක් Google SkechUp Make. මේකෙන් පුලුවන් 3D ප්ලෑන්ස් අඳින්න. ගෙවල්, උද්යයාන, වගේ දෙවල් මේකෙන් ලේසියෙන් අඳින්න පුලුවන්. හරිම ලේසියි. ඔයාලත් ට්ර්ය් කරල බලන්න. අවුලක් වුනොත් කොමෙන්‍ටුවක් ඩන්නකො. මන් කියල දෙන්නම්. 

අලුත් වැඩක්





සිංහල බ්ලොග් එකක් කරන්න ඕනි කියල මට හිතුනෙ අපේ යාලුවො ගොඩක් දැන් සිංහල බ්ලොග් ගැන උනන්දු නිසයි. මොකද මාත් සිංහල බ්ලොග් වලින් ගොඩාක් දේවල් ඉගෙනගත්ත. ඉතින් මටත් හිතුන මන් දන්න දෙයකුත් යාලුවොත් එක්ක බෙදාගන්න. ඉතින් මේ ඒ සදහා දරන උත්සාහයක්. මම බලාපොරොත්තු වෙනව, මට ඔයාලගෙනුත් මේකට ශක්තියක් ලැබෙයි කියලා.... හැමෝටම ජයෙන් ජය...