හරි යාලුවනෙ අද මන් කියල දෙන්න යන්නෙ ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමය. ඔයාල දන්නවනෙ ලංකාවෙත් බොහෝ තැන් වල ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නැනෙ. ඒ උනාට අපිට හදිස්සියෙ ඔය සොෆ්ට්වෙයා එකක් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න එහෙම ඕනි වෙනවනෙ නේද? එවගෙ අවස්තාවලදිත් අපිට පුලුවන් මේ ක්‍රමයට ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. හරි මං දැන් වැඩේට බහින්නම්කො..
මුලින්ම ඔයලාට ඕනි ටොරන්ට් ෆයිල් එක ටොරන්ට් සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්නකො.
හරි දැන් මෙන්න මේ zbigz ස්යිට් එකට ගිහින් එතන Upload .torrent file කියන එක ක්ලික් කරල ඔයාල කලින් ඩවුන්ලෝඩ් කරගත්තු ටොරන්ට් ෆයිල් එක Upload කරගෙන Go button එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ මෙන්න මේ වින්ඩෝ එක එයි. එකෙ Free button එක ක්ලික් කරන්න.
හරි දැන් මෙතනදි ටොරන්ට් ෆයිල් එක Automatically convert වෙනව. මතක තියගන්න සාමාන්‍ය විදිහටම තමයි මේකෙදිත් ටොරන්ට් ෆයිල් එක convert වෙන්නත් සීඩ්ස් එහෙමත් වැඩියෙන් තියෙන්න ඕනි.
convert වෙල ඉවර වුනාට පස්සෙ Caching Complete කියල වැටෙයි. දැන් ඔයාල මෙතනින් ටොරන්ට් කියන නම තියෙන ඒවා ක්ලික් කරන්නෙ නැතිව. අවශ්‍ය ෆයිල් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙ රතු පාටින් මාක් කරල තියෙන්නෙ අන්න ඒ වගේ. මොනා හරි අඩුපාඩුවක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න.




